Grade 11 Science Assignment 1 By R.M.H.S. Rajapaksha

        ඇගයීම  - 01
බ/ වැලිමඩ විජය විද්‍යාලය
 11 ශ්‍රේණිය           විද්‍යාව 
  • සියළුම ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න.
1) ශාක පටක වල වර්ගීකරණය පහත සටහනෙහි දක්වා ඇත.
ශාක පටක


                     ස්ථිර පටක විභාජක පටක 
          සරල ස්ථිර                           අග්‍රස්ථ         අන්තරස්ථ
              පටක විභාජකය                              විභාජකය                                                   
මෘදු ස්ථර                   ප්ලෝයම    ffY,u


i) මෙහි A, B, C හා D නම් කරන්න.
ii) B, C හා D පටක වල කෘත්‍යයක් බැගින් සඳහන් කරන්න.
iii) C හා D පටක එකිනෙකින් වෙන්කර හඳුනාගත හැකි ව්‍යුහමය ලක්ෂණයක් සඳහන් කරන්න. 
(2013 OL)
2) බහු sayilika ජීවීන්ගේ sayila, ඔවුන්ගේ විවිධ ජිවක්‍රියා ඉටු කිරීම පිණිස පටක ලෙස සකස් වී ඇත.
i) “ පටකයක්” යනුවෙන් අදහස් කෙරෙන්නේ  කුමක්දැයි පැහැදිලි කරන්න. 
ii) උස් කඳන් සහිත ගස් වල සන්ධාරක කෘත්‍යය ඉටුකිරීම සඳහා ඇති විශේෂ පටක වර්ගය නම් කරන්න.
iii) ඉහත සඳහන් පටක වර්ගයට අමතරව ශාක කඳන් තුල ඇති වෙනත් පටක වර්ගයක් නම් කරන්න.
iv) ඉහත සඳහන් පටක වර්ගය මගින් ඉටු කෙරෙන ප්‍රධාන කාර්යයක් සඳහන් කරන්න.
v)  xylem පටකය ප්ලෝයම පටකයෙන් වෙන්කර හඳුනාගත හැකි එක් ව්‍යුහමය ලක්ෂණයක් ලියන්න.
vi) xylem පටකය මඟින් ඉටු කෙරෙන කවර කෘත්‍යය සඳහා ඉහත v) හි ඔබ සඳහන් කළ ව්‍යුහමය ලක්ෂණය වැදගත් වන්නේදැයි සඳහන් කරන්න.

3) i) ස්ථුලකෝණාස්තර හා දෘඩස්තර පටකවල හරස්කඩ රූප සටහන් අඳින්න.
ii) කංකාල පේශි පටකයේ හා හෘත් පේශි පටක වල රූප අඳින්න.
iii) ශාක තුල ද්‍රව්‍ය පරිවහනය සිදු කිරීමට සකස් වූ විශේෂිත පටක ඇත. ආහාර පරිවහනය සඳහා ශාක තුල පවතින පටකය නම් කරන්න.
iv) ශාක තුල පිෂ්ටය පරිවහනය සඳහා එය සරළ ද්‍රව්‍යයක් බවට පත් කරනු ලබයි. මෙම සරල ද්‍රව්‍යය කුමක්ද?
v) ජලය යනු හොඳ ද්‍රාවකයකි. අන්තර් අණුක ආකර්ෂණ බල පැවතීම හේතුවෙන් ජලයට ලැබී ඇති විශේෂ ගුණ දෙකක් ලියන්න.


4)  i) ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය පැහැදිලි කරන්න.
ii) ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය තුලිත රසායනික ප්‍රතික්‍රියාවක් මගින් දක්වන්න. අවශ්‍ය තත්ත්ව සඳහන් කල යුතුයි.
iii) ශාක පත්‍රයක ප්‍රභාසංස්ලේෂණය සිදු වී ඇති බව දැක්වීමට කළහැකි පරීක්ෂණයක
 iv) ප්‍රභාසංස්ලේෂණය සඳහා කාබන්ඩයොක්සයිඩ් අවශ්‍යදැයි බැලීමට කළ හැකි ක්‍රියාකාරකමෙහි රූප සටහන් ඇඳ ක්‍රමය, නිරීක්ෂණ, නිගමන ලියා දක්වන්න.
a) ඉහත ක්‍රියාකරකමේදී පැලය අඳුරේ තබන්නේ ඇයි?
b) පොටෑසියම් හයිඩ්රොක්සයිඩ් යොදා ඇත්තේ කුමන කාර්යයක් සඳහාද?
c) ප්ලාස්කු වල කට වටා ග්‍රීස් හෝ වැස්ලින් තවරා ඇත්තේ ඇයි? 
v) ප්‍රභාසංස්ලේෂණයේ දී ඔක්සිජන් පිටවන බව පෙන්වීමට කළ හැකි ක්‍රියාකාරකමක් රූප සටහන් සහිතව ලියා දක්වන්න.
vi) හරිත ශාකපත්‍ර යේ පෘෂ්ඨයේ  වායු හුවමාරුව පිණිස ඇති ව්‍යුහය කුමක්ද?
vii) සත්වයින්ගේ පැවැත්ම කෙරෙහි ශාක මගින් ඉටු වන මුලික කාර්යයන් 2ක් ලියා දක්වන්න.
viii) ශාක පත්‍ර වලට වැඩි ආලෝකයක් ලබා ගැනීම සඳහා ශාක වල ඇති අනුවර්තන 3ක් සඳහන් කරන්න.


5)   i) ප්‍රධාන ක්ෂුද්‍ර ජිවින් වර්ග නම් කරන්න.
ii) ඉහත ඔබ සඳහන් කල එක් එක් ක්ෂුද්‍ර ජිවී වර්ග සඳහා උදාහරණ 3 බැගින් සඳහන් කරන්න.
iii) ක්ෂුද්‍ර ජිවින් අතුරින් virus වල ඇති සුවිශේෂී ලක්ෂණයක් සඳහන් කරන්න.


iv) ක්ෂුද්‍ර ජිවින්ගෙන් ඇති හිතකර හා අහිතකර බලපෑම් 5 බසින් සඳහන් කරන්න. ඒවායේ ක්‍රියාවලි පැහැදිලි කරන්න.


v) මේ  දින වල සමස්ත ලෝකයටම අහිතකරව බලපා ඇති අහිතකර කොරෝනා හෙවත් කෝවිඩ් -19 වයිරසය පිළිබඳව තොරතුරු සොයා කෙටි හැඳින්වීමක් කරන්න.


vi) එම virusයෙන් ආරක්ෂා වීමට අප විසින් අනුගමනය කළ යුතු යහපත් පුරුදු  මොනවාද?

Comments